ලෝක ප්‍රකට ඇමරිකානු නාට්‍යවේදී නීල් සයිමන් අභාවප්‍රාප්ත වී තිබේ.
නියුමෝනියා රෝගී තත්වයක් හේතුවන් මියයන විට ඔහුට වයස අවුරුදු 91 කි.
ද ඔඩ් කපල් සහ බෙයාෆුට් ඉන් ද පාක් වැනි ප්‍රහසන වේදිකා නාට්‍ය ඔස්සේ ඔහු ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත්වුයේ 1960 ගණන් වලදී ය.
වේදිකා නාට්‍ය වෙනුවෙන් ලබාදෙන පුලිට්සර් සම්මානයෙන් 1991 දී ඔහු පිදුම් ලැබුවේ ය. ඒ ලොස්ට් ඉන් යොන්කර්ස් වේදිකා නිර්මාණය වෙනුවෙනි.
ශේක්ෂ්පියර්ගෙන් පසුව බිහිවූ වඩාත් සාර්ථකම නාට්‍යකරුවා ලෙස ද සමහරෙක් ඔහු හඳුන්වා තිබුණි.