කාලිඩ් හුසෙයිනිගේ නවතම කෘතිය “Sea Prayer” හි සිංහල පරිවර්තනය “සමුද්ද යාතිකාව” නමින් හෙට දින එනම් අගෝස්තු 30 වැනිදා දොරට වැඩීමට නියමිත ය.
ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය එළිදැක්වීම එදින උදැසන10 සිට දහවල් 12 දක්වා නුගේගොඩ සරසවි පොත් හලේදී සිදු කෙරෙනු ඇත.
එහිදී පාඨකයන් හට පරිවර්තිකාව මුණගැසී ඇගේ අත්සන සහිතව ග්රන්ථය මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බව ප්රකාශකයෝ පවසති.
භාෂා 33 කට පරිවර්තනය වී ඇති Sea Prayer ග්රන්ථය ඇමරිකාව සහ කැනඩාව යන රටවල් හැර ලොව පුරා එකම දිනයකදී (අගෝස්තු 30) නිකුත් වීම විශේෂත්වයක් බව ද ඔවුහු පවසති.
'සමුද්ද යාතිකාව' විදර්ශන ප්රකාශනයකි.