විජිත ගුණරත්නගේ දෙවැනි සිනමාපටය වන “අමාවක” PAISAGENS 2018- Sever do vouga නම් අන්තර්ජාතික සිනමා උළලේ තරගකාරී අංශය සඳහා නිළ වශයෙන් තේරී පත් වී තිබේ.
සිනමා උළෙල සැප්තැම්බර් 7,8 සහ 9 යන දින වලදී පෘතුගාලයේ පැවැත්වෙනු ඇත.
ඒ අනුව “අමාවක” (Invisible moon) චිත්රපටයේ පළමු යුරෝපා ප්රදර්ශනය එහිදී සිදු කිරීමට නියමිත ය.
විජිත ගුණරත්නයන් සිය පළමු සිනමාපටය වන “වලාපටල” නිර්මාණය කරන්නේ 2007 දී ය. ඉන් වසර 10 කට පසු ඔහුගේ දෙවැනි චිත්රපටය ලෙස “අමාවක” නිර්මාණය කළේය.