ප්‍රවීන සිනමා විචාරක ගුණසිරි සිල්වා තිස්පස් වසරක සාහිත්‍ය ගමන නිමිති කරගනිමින් රචිත කෘතියක් සහ ඔහුගේම තවත් ග්රන්ථ ත්‍රිත්වයක් සැප්තැම්බර් 10 වැනිදා දොරට වැඩීමට නියමිත ය.
ඒ එදින සවස 4 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී ය.
තාරකා මේඝයෙන් ඔබ්බට, තරු විනිවිද දුටු අදියුරු, ලාංකේය සිනමාවේ-වේදිකාවේ සමාජ-දේශපාලන කතිකාව, නිර්මාණ විචාර විමංසා එම කෘතීන් ය.
විචාර මං පෙතක සිව් මංසල පොත් දොරට වැඩුම සහ සහෘද කතිකාව ලෙස නම් කර ඇති මෙම වැඩසටහනේ ප්‍රධාන දෙසුම කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනවි විසින් සිදු කිරීමට නියමිත ය.
එසේම ප්‍රවීන රංගවේදීනි අනෝජා වීරසිංහ, ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීන සිනමාවේදී ප්‍රසන්න විතානගේ, ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා එහි සංවාද මණ්ඩපයට සහභාගී වනු ඇත.