මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය සඳහා විකල්පයක් වශයෙන් ලබාදෙන සාහිත්‍ය සම්මානයේ අවසන් වටයට නිර්දේශිත කතුවරුන් ප්‍රකාශයට පත් කර තිබේ.
ජපන් ලේඛක හරුකි මුරකාමී, බ්‍රිතාන්‍ය ලේඛක නීල් ගේමන්, ගුආඩලූප් ලේඛක මරිස් කොන්ද් සහ කැනේඩියානු ලේඛක කිම් තුයි ඔවුන් සිව් දෙනා ය.
නොබෙල් සම්මානය ලබාදෙන ස්වීඩන් ඇකඩමියේ සිදු වූ සදාචාර විරෝධී සිදුවීමක් හේතුවෙන් එය ලබාදීම අත්හිටුවීම නිසා නිව් ඇකඩමි විසින් මෙම විකල්ප සම්මානය ලබාදීමට සැලසුම් කරන ලදී.
ඒ අනුව සම්මානය සඳහා නිර්දේශිත කතෘවරු 47 දෙනෙකු අතුරින් අවසන් වටය සඳහා මෙම ලේඛකයින් සිව් දෙනා තෝරා පත්කරගෙන ඇත.
විශේෂිත ජූරි සභාවක් විසින් ලබා දෙන අවසන් තීරණය ඔක්තෝබර් 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.