රංගන ශිල්පී දසුන් පතිරණගේ ආදරණිය සහකාරිය හංසි දිසානායක ලියපු නවකතාවක් ළඟදීම එළිදක්වන්න සුදානම් කියලා මිරර් ආට් අපිට ආරංචි වුණා.
පොතේ නම “එමා”.
තමන්ගේ කුළුඳුල් නවකතාව එළිදක්වන උත්සවයක් තියන්න තවම අදහසක් නැහැ කියලා තමයි හංසි කියන්නේ.
මේ ඒ වෙනුවෙන් ඇය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ලියූ සටහනක්,
“මම ආස නවකතා ලියන්න...ඒව ලියද්දි මම ඒකෙ ජීවත්වෙනවා....මට යාලුවො ගොඩක් නැහැ...ඒකට හේතුවත් මම මගේ ලෝකෙ ඇතුලෙ චරිත ගොඩක් එක්ක ජීවත්වෙනවා...මම travel කරන්න කෝපි බොන්න ආස මාත් එක්ක තනියම....කෝච්චියේ යද්දි හැමදාම ඇස්දෙක පියාගෙන මම මාත් එක්ක කතාකරනවා.....මට පාළු නැහැ...
ලංකාවට මම ආදරෙයි...ඒත් මට ජීවිතේ කියල දුන්නෙ ලංකාව නෙවෙයි...මේහෙ මිනිස්සු හරි අමුතුයි...හරිම ආදරනීයයි...ඒත් රිද්දන්න ආසයි....අන්තවාදීයි ඒත් අනිත් අන්තෙට වෛරයි....බැලන්ස් නැහැ..විවේචනය කරනවා..තමන්ව විවේචනය වෙද්දි personal ගන්නවා...ඉක්මනින් ජජ් කරනවා...ඉක්මනින් තරහ ගන්නවා...ඉක්මනින් ආදරේ කරනවා...ඉක්මනින් විශ්වාස කරනවා ...ඉක්මනින් අවිශ්වාසය කරනවා.
මේ කතාවට වැඩියෙන්ම ආස කළේ Teenagers සහ 20 ගන්නවල අය සමස්ථයක් වශයෙන්.....මුල් පිටු ටික කියවනකොට කම්මැලියි ටිකක් කියල මගේ දසුන් කිවුවා..ඒක ඇත්ත හැබැයි....චුට්ටක් කියෙවුවම තමා කතාවට enter වෙන්නෙ.....
Next week එකේ Tuesday වගේ වෙනකොට සරසවි ඇතුලු Book shops වලින් පොත ගන්න පුලුවන් කියල ආශිර්වාද එකෙන් කියුවා....
තව දිගටම ලියන්න මම ආසයි....”