පුත,
නුඹ කුඩා දිය කඳුර
රලු පරළු මග
පසු කරනු ඇති
ගඟක් වී මම
පෙරගමන් යමි
සුමට වෙන්නැයි
මෘදු වෙන්නැයි
හමුවන
සියලු ගල් බොරළු වලට
රහසේම පවසමි
තුෂාරිකා ඇන්තනිගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “උතුරා යන්න ගඟ මම කැමති පොකුණට” සැප්තැම්බර් 7 වැනිදා එළිදැක්වීමට නියමිත් ය.
ඒ එදින සවස් 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ය.
සුදර්ශන සමරවීර සහ විමල් කැටිපේආරච්චි විසින් එහිදී දෙසුම් පවත්වනු ලැබේ.
සභාව මෙහෙයවීම සහන කසිර වික්‍රමසිංහ විසිනි.