ඊශ්‍රායලයේ පැවැත්වීමට නියමිතව තිබු සිය ප්‍රසංගයක් කල් දැමීමට ප්‍රකට ඇමරිකානු ගායිකා ලානා දෙල් රේ කටයුතු කර තිබේ.
ඒ රසිකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් එල්ල වූ විරෝධතාවය හේතුවෙනි.
“පලස්තීන මෙන්ම ඊශ්‍රායල් යන රටවල් දෙකෙහිම ඉදිරිපත් කිරීම් සිදු කිරීම වගේම මගේ රසිකයන් සියලු දෙනාටම එක හා සමානව සැලකීම මට ඉතා වැදගත්,” යනුවෙන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කරන්නී ය.
එසේම තමන් මෙම රටවල් දෙකෙහිම ප්‍රසංග සංවිධාන කිරීමට නුදුරු අනාගතයේ දී කටයුතු කරන බව වැඩිදුරටත් ඇය පවසා ඇත.
ඊශ්‍රායලය පලස්තීනුවන්ට සලකන කෘර ස්වභාවය සැලකිල්ලට ගෙන ප්‍රසංග නවතා දැමීමට කටයුතු කරන මෙන් මානව හිමිකම් ක්‍රියාකාරීහු ගායන ශිල්පිනිගෙන් ඉල්ලා තිබුණි.