2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සැප්තැම්බර් මස 11දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.
61 වැනි වරට සංවිධානය වන මෙම උළෙල ආරම්භ වන්නේ එදින ප.ව. 3.00ට ය.
2017 වර්ෂය තුළ සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශිත විශිෂ්ටතම නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය ග්රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබනු ඇත.
නවකතා, කෙටිකතා, කාව්‍ය, ගීත, නාට්‍ය, යොවුන් සාහිත්‍ය, ළමා සාහිත්‍ය, විද්‍යා සාහිත්‍ය යන සාහිත්‍ය ක්ෂේත්රවල ස්වතන්ත්‍ර පරිවර්තන සාහිත්‍ය කෘතිද ශාස්ත්‍රීය හා පර්යේෂණ ස්වතන්ත්‍ර හා පරිවර්තන කෘතිද විවිධ විෂයක ග්රන්ථ යටතේ මානව ශාස්ත්‍ර, සමාජ ශාස්ත්‍ර හා පරිවර්තික කෘතිද එහිදී සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත ය.
සාහිත්‍ය ක්ෂේත්රය වෙනුවෙන් කළ දීර්ඝකාලීන සේවා දායකත්වය උදෙසා පිදෙන උසස්තම රාජ්‍ය සම්මානය වන සාහිත්‍යරත්න අභිධානයද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ක්ෂේත්‍ර සඳහා ජේෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනකුට ප්රදානය කෙරේ.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්වය.