සම්මානනීය සිනමා අධ්යක්ෂ අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය “අසන්ධිමිත්තා” 23 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උළෙලට තේරී පත්වී තිබේ.
මෙම සිනමා උළෙල එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ බුසාන් හි හයන්දෙගු ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත ය.
අශෝක හඳගමගේ තිර රචනයක් අනුව නිර්මාණය වුණු “අසන්ධිමිත්තා” සඳහා රංගන දායකත්වය සපයා ඇත්තේ නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, ගයානි ගිසන්තිකා, සඳලි හඳගම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල යන පිරිසය.
චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන්, රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්, කපිල පූගලආරච්චි සංගීතයෙන්, එච්.ඩි. ප්‍රේමසිරි නිෂ්පාදනයෙන් මෙම සිනමාපටයට දායක වී ඇත.