සියදිවි නසාගැනීම් වළකාලීමේ ජාත්‍යන්තර දිනයට සමගාමිව ඒ පිලිබඳ දැනුවත් කිරීම උදෙසා චිත්‍රපට දැක්මක් සංවිධාන කර තිබේ.
ඒ අනුව කෙටි චිත්‍රපට දෙකක් සහ වෘතාන්ත චිත්‍රපටයක් සැප්තැම්බර් 10 වැනි සඳුදා තිරගත කිරීමට නියමිත යි.
මෙම දැක්ම පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී යි.
සැප්තැම්බර් 10 උදැසන 11 ට Krzysztof Kieslowskiගේ “ලව්” කෙටි චිත්‍රපටය
සැප්තැම්බර් 10 සවස 1.30 ට Graham Barreilගේ “ඩවුන්” කෙටි චිත්‍රපටය
සැප්තැම්බර් 10 සවස 2.30 ට Tony Kayeගේ “ඩිටෑච්මන්ට්” වෘතාන්ත සිනමාපටය
චිත්‍රපට ප්‍රදර්ශනයෙන් අනතුරුව සිනමා සංවාදයක් පැවැත්වීමට නියමිත අතර ඊට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය නීල් ප්‍රනාන්දු, වසන්ත කොටුවැල්ල සහ චාන්දනී සෙනෙවිරත්න සහභාගී වීමට නියමිතයි.