අධ්යක්ෂිකා සුබා සිවකුමාරන්ගේ “හවුස් ඔෆ් මයි ෆාදර්ස්” චිත්රපටය 23 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලට තේරී පත් වී තිබේ.
සිනමා උළෙල එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ බුසාන් හි හයෙන්දෙගු ප්රදේශයේ පැවැත්වීමට නියමිත ය.
සුබා සිවකුමාරන්ගේ තිර රචනයක් අනුව නිර්මාණය වුණු “හවුස් ඔෆ් මයි ෆාදර්ස්” සඳහා රංගන දායකත්වය සපයා ඇත්තේ බිමල් ජයකොඩි, ප්රදීපා, ස්ට්ව් ද ලා සිල්වා, ධර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ ඇතුළු පිරිසකි.
කාලිංග දේශප්රිය කැමරා අධ්යක්ෂණයෙන්, සේ අසුකො සංස්කරණයෙන් ද, ෆිල් ලී ශබ්ද පරිපාලනයෙන් ද, ෆොරස්ට් ක්රිස්ටන්සන් සංගීතයෙන් ද, සුබා සිවකුමාරන් සහ ඩොමිනික් වෙලින්ස්කි නිෂ්පාදනයෙන් ද මෙම සිනමාපටයට දායක වී ඇත.
“හවුස් ඔෆ් මයි ෆාදර්ස්” චිත්රපටය 2016 ලොකාර්නෝ ඕපන් ඩෝර්ස් හබ් හිදී ද ප්රදර්ශනය කෙරුණි.