ප්‍රවීන රංගවේදී අමරසිරි කලංසුරිය මේ වනවිට සම්පුර්ණ සුවය ලබා ඇති බවට වාර්තා වෙනවා.
පසුගිය ජූලි මසදී රෝගාතුර වීම නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලැබූ ඔහු පසුව සිය නිවසට පැමිණ තිබූ නමුත් සම්පුර්ණ සුවය ලබා තිබුනේ නැහැ.
කෙසේ නමුත් මාධ්‍යවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සඳහන් කරන්නේ රංගවේදී අමරසිරි කලංසුරිය මේවනවිට සම්පුර්ණ සුවය ලබා ඇති බවයි.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මාධ්‍යවේදී නුවන් පවසන්නේ දුරකථන ඇමතුමක් ලබාදුන් ප්‍රවීන රංගධරයා ඒ වග තමන්ට දැනුම් දුන් බව යි.
එම සටහන පහතින්,
“මා හිතාදර මිතුරු මිතුරියනි. අද උදෑසන මගේ ජංගම දුරකථනය නාද වූයේය.මා ඒ දෙස බැලූ කල එහි මුහුණතෙහි "Kalan uncle"යන්නෙන් සටහන් වී තිබිණ.මා ඊට පිළිතුරු සපයන්නට පටන් ගත්තේ එතුමාගේ හඬ ඇසේවා යන පැතීමෙනි.එය එලෙසින්ම ඉටු විය.කලං අංකල් මා ඇමතුවේය. එය එතුමාගේම වචනයෙන් මෙසේය. "පුතා මට අද තමයි හරිහැටි සිහියක් ආවේ. පසුගිය මාසයක කාලයක් මට මොනවා වුණාද කියලා මම දැනගෙන හිටියේ නෑ.මට වෙච්ච දේ ගැන පවුලේ අයගෙන් මම දැනගත්තා. තව ජීවත් වෙන්න මං පින් කරල තිබුණා කියල හිතුණා. පුතා මං ඔයාට කතා කළේ මං දැඩි ලෙස අසනීප වෙලා රෝහල් ගත වෙලා හිටපු කාලේ මට විවිධාකාරයෙන් පිහිට වූ උපකාර කළ වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය ,ජනාධිපතිතුමා සහ ප්‍රවීණ කලාකරුවන් ඒ වගේම මගේ ජීවිතේ රැකල දෙන්න කියලා ඉල්ලා සිටිමින් බෝධි පූජා කළ, යාඥා කළ මට අසීමිතව ආදරය කරන මේ රටේ ජනතාවට මං ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා කියලා ඔයාට ලියන්න කියන්න.මේ බව පත්‍රවලටත්, මාධ්‍යයටත් දැනුම් දෙන්න.බොහොම පින් හැමෝටම".