දමිළ භාෂාව කථා කරනු ලබන ජනතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය විසින් ආරම්භ කළ 'වසන්තම් ටීවී' රූපවාහිනී නාලිකාවේ ආවරණ කලාපය ව්‍යාප්ත කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මුල් අදියර යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය කරමින් මෙම රූපවාහිනී නාලිකාව ප්‍රේක්ෂකයින්ට සේවා සැපයීම සිදු කළ අතර පසුව එය යාපනය, නැඟෙනහිර පළාත හා කොකාවිල් ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කර තිබුණි.
නව යෝජනාව අනුව දිවයින පුරා අනෙකුත් ප්රදේශවලද වෙසෙන දමිළ ප්‍රේක්ෂකයින්ට ද 'වසන්තම් ටීවී' වැඩසටහන් නැරැඹීමේ පහසුකම් ලැබෙන පරිදි රුපියල් මිලියන 304ක ආයෝජනයක් යොදවමින් විකාශන පහසුකම් පුළුල් කිරීමට නියමිත ය.