සිංහල නවකතා කලාවට පිදෙන ප්රකාශන උත්තමාචාරය “ස්වර්ණ පුස්තක සම්මානය” සමන් වික්රමාරච්චිගේ “අප්පච්චි ඇවිත්” කෘතියට හිමිවිය.
සම්මාන උළෙල ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි.
2017 වසරේ ප්රකාශිත නවකතා 125 ක් අතුරින් විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම නවකතාව ඒ අනුව මෙම සම්මානය දිනා ගන්නා ලදී.
එහිදී අවසන් වටයට තේරී පත්වුණු ග්රන්ථ 5 අතරට පද්මිණි සෙනවිරත්නගේ “වරණ”, ජයතිලක කම්මැල්ලවීරගේ “චක්ර”, විමල් උදය හපුගොඩආරච්චිගේ “යකඩ සිල්පර”, දර්ශනා ශම්මි විජේතිලකගේ “අසනග වැසි” යන කෘතීන් අයත් වේ.
ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් සම්මාන උළෙල සංවිධාන කරන ලදී.
ඡායා: savi sathyani ෆේස්බුක් ගිණුමෙන්