රූපවාහිනියේ යථාරූප නවතියි - ITN fm නාට්‍ය ගැන පොලිස් පරීක්ෂණ !!
යථාරූප වැඩසටහන නවතා ඒ වෙනුවට ජ්‍යොතිෂ්‍යය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන තිබේ. එම පියවර ගෙන ඇත්තේ පසුගිය දා ජනාධිපතිවරයා දුන් උපදෙසකට අනුවය. ලංකාවේ මිනිසුන් බහුතරයක් ජ්‍යොතිෂ්‍යය වැනි දේ විශ්වාස කරන බවත්, ඒවාට පහර ගසන්නට නොයන ලෙසත් ජනපති උපදෙස් ලැබුණු බව පැවසේ. එම උපදෙස් මත ජ්‍යොතිෂ්‍යය ප්‍රවර්ධනය කරන වැඩසටහන් වහාම ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රේක්ෂක අප්‍රසාදය පළ වී ඇත.
මේ අතර, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) අනුග්‍රහයෙන් ITN fm ඔස්සේ විකාශය වන `කණට පාරක්` රේඩියෝ නාට්‍ය මාලාව පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත. සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකය මෙහෙයවන එම පරීක්ෂණය සඳහා, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ වැඩසටහන් නිලධාරී තේජිත එදිරිසිංහ මහතා එම ඒකකයට කැඳවා පැය හතරක් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ. ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.
------------
FB සටහනක්
"ඊයේ රාත්‍රියේ ජාතික රුපවාහිණියේ ජොතිෂ්‍ය පිළිබඳ වැඩ සටහනක් ගියා. ඉන්දික තොටවත්තත් තවත් ජොතිෂ්‍ය කාරයින් දෙදෙනෙකුත් සමග. මෙහිදි ඔවුන් තිදෙනාම කියා සිටියා යම් පුද්ගලයකුගේ කෙන්දරයක් ගෙනත් දුන්න හොත් ඔහු ජීවත් වන පුද්ගලයෙක්ද මිය ගිය පුද්ගලයකුද කියා කෙන්දරය බලා කියන බව. මගේ නම ඇන්ටන් සමන් මම පුද්ගලයන් දස දෙනෙකුගේ කෙන්දර ජාතික රුපවාහිණියට ඉදිරිපත් කිරිමට කැමතියි මේ පුද්ගලයන් දස දෙනාගෙන් කවුරු ජීවත් වේද මිය ගොසින්ද කියා තහාවුරු කරන ලෙස අභියෝග බාර ගෙන එය තහවුරු කරන මෙන් හොර ජොතිෂ්‍ය කාරයන්ට අභියෝග කරමි. පට්ට බොරු ගණනාවක් ජනමධ්‍ය ඔස්සේ මිනිසුන් වෙත ජනගත කරන මේ ප්‍රෝඩා කරයින් අභියෝගය බාර ගැනිමට සුදනම් නම් කෙන්දරත් රැගෙන ජතික රුපවාහිණි නාලිකාවට ඒ වැඩ සටහනට ඒමට මා කැමති බව සඳහන් කරමි. ලොකුම වරද මේ බොරුවට බුදුන් වහන්සේවත් ගාවා ගැනිමය. සංවාදයට විවෘතයි.
_සමා"