ඩීමන් ජෝන්ගේ කුළුඳුල් කෙටි චිත්රපටය “Waves interrupted” බූසාන් අන්තර්ජාතික සිනමා උළලේ ආසියානු කෙටි චිත්රපට තරගාවලිය සඳහා තේරී පත් වී තිබේ.
23 වැනි වරට සංවිධානය කෙරෙන බුසාන් සිනමා උළෙල ඔක්තෝබර් 4 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ය.
Waves interrupted හි ප්රධාන චරිතය සඳහා රංගන දායකත්වය සපයා ඇත්තේ චන්දිමා කරුණාදාස ය.
මෙම සිනමාපටයේ තිර රචනය සහ නිෂ්පාදනය ඩීමන් ජෝන්, කැමරා අධ්යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, සංස්කරණය අජිත් රාමනායක, ශබ්ද පරිපාලනය අරුණ ප්රියන්ත කළුආරච්චි විසිනි.