මෙරට සිනමාවට නව වාර්තාවක් එක් කිරීමට සිනමාවේදී විමුක්ති ජයසුන්දර සමත්ව තිබේ.
සැප්තැම්බර් 20 වෙනිදා ඊජිප්තුවේදී ආරම්භ වූ " El Gouna Film Festival" හි ජූරි නියෝජනයත් සමග, එදා මෙදා තුර ශ්රී ලංකාවෙන් එපිට පැවති අන්තර්ජාතික සිනමා උළෙල වල වැඩිම වාර ගණනක් ජූරි සභාවන් නියෝජනය කළ ශ්රී ලාංකේය සිනමා අධ්යක්ෂකවරයා බවට ඔහු පත්වේ.
- 09.21 දින වන විට වැඩිම අන්තර්ජාතික ජූරි නියෝජනයන් සනිටුහන් කල ශ්රී ලාංකේය සිනමා අධ්යක්ෂකවරුන්/වරියන් මෙසේය,
(01).විමුක්ති ජයසුන්දර - නියෝජන අවස්ථාවන් 14 (උලෙළයන් 14ක් උදෙසා)
(02). ප්රසන්න විතානගේ- නියෝජන අවස්ථාවන් 13 (උලෙළයන් 11ක් උදෙසා)
(03). ධර්මසේන පතිරාජ- නියෝජන අවස්ථාවන් 7 (උලෙළයන් 7 ක් උදෙසා)
(04). ලෙස්ටර් ජේම්ස් පීරිස්- නියෝජන අවස්ථාවන් 6 (උලෙළයන් 6 ක් උදෙසා)
(04). සෝමරත්න දිසානායක - නියෝජන අවස්ථාවන් 6 (උලෙළයන් 5 ක් උදෙසා)
(06). සුමිත්රා පීරිස්- නියෝජන අවස්ථාවන් 5 (උලෙළයන් 5 ක් උදෙසා)
(07). අශෝක හඳගම- නියෝජන අවස්ථාවන් 4 ( උලෙළයන් 4 ක් උදෙසා)
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි