ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ “මාධ්‍ය සමික්ෂා 3” ග්‍රන්ථය අද (21) දින එළිදැක්විණි.
ජනගත කිරීමේ උත්සවය පවත්වනු ලැබුවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ය.
"ජනමාධ්‍ය අධ්‍යාපනයේ නව ප්රවණතා සහ සංකල්පීය එළඹුම්” මැයෙන් වූ උළලේ මුඛ්‍ය දේශනය කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩලාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආරියදාස ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ප්‍රකාශිත දොළොස්වන ග්‍රන්ථය වන “මාධ්‍ය සමික්ෂා 3” අ.පො.ස(උ/පෙළ) සඳහා සන්නිවේදන විෂය හදාරන්නන්, විශ්ව විද්‍යාල සිසුන් හා මෙම විෂයට ලැඳියාවක් දක්වන අනෙකුත් පාඨකයින් ඉලක්ක කරගනිමින් සකස් වී ඇත.
එහි සංස්කාරක වශයෙන් පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට සහ සහය සංස්කාරක වශයෙන් කැලණිය විශ්වවිද්‍යාල කථිකාචාර්ය අමාලි නන්දසිරි කටයුතු කර තිබේ.
ඡායාරූප: අකිල ජයවර්ධන 0717530321
https://mirrorarts.lk/news/4013-madhya-samiksha#sigProId5926d2824e