දර්ශන විද්‍යා අරවින්ද රචිත “සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමණි” කෘතිය මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අහස කුටියෙන් මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.
ඔහු සිය කෘතිය සම්බන්ධයෙන් මිරර් ආට් වෙබ් අඩවිය වෙත දැක්වුයේ මෙවන් අදහසක්.
“මේක ප්‍රබන්ධයක්. එකෙනෙකට සම්බන්ධව වගේම අසම්බන්ධිතවත් කියවන්න පුළුවන් කතා 3ක එකතුවක්. මං පැටලෙන්නේ “බුදුන්” කියන සංඥාවත් එක්ක. ඒ වටා ඇති පුරාකතාව එක්ක. මට අනුව “බුදුන්” කියන්නේ නිශ්චිත සංඥාකාරයක් රහිත සංඥාවකට. ඒ හින්දම ඒක පුරාකතාවක් විදියට නැවත නැවත වරනැගෙනව, නිර්මාණය වෙනව, සංස්කරණය වෙනව, බිඳවැටෙනව වගේම ගොඩනැගෙනව. ඉතිං මං සිංහලීකරණය වූ අලුත්ම බුද්ධ චරිතයක් ගොඩනැගුව.”