නූර්ති නාට්‍ය ඉතිහාසයේ අතිශයින් ජනප්‍රිය වූ රාමායණය නූර්තියේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදැක්වීමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු යොදා තිබේ.
නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් විසින් (1900) දශකයේ මුල් භාගයේ දී නිෂ්පාදනය කළ රාමායණය නූර්තියේ අතිශය ජනප්‍රිය ගීතයන් වන “අඹ, දඹ, නාරං, කෙසෙල්, දෙල්” , ‘‘සීතා මා සිරියා”, ‘‘ශ්‍රියා මනමත් වී”, ආදී නුර්ති ගීත 54 ක් ඊට ඇතුළත් වේ.
මෙම නූර්ති ගී සංයුක්ත තැටියේ සංගීත අධ්‍යක්ෂණය කලාභූෂණ ලයනල් ගුණතිලක මහතා විසින් සිදු කරන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.
නූර්ති ඉතිහාසයේ රාමායණය රඟදක්වා ඇත්තේ 1886 මැයි 31 දින පිටකොටුවේ පුෂ්ප ශාලාවේදීය.
නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් ගේ නෂ්පාදනයක් වූ රාමායණය නූර්තියේ, ගී තනු හා සංගීත නිර්මාණය කර තිබුණේ විශ්වනාත් ලෞජි සංගීතවේදීයාණන්ය.
වසර 37 කට පසු ටවර් හෝල් රඟහල පදනම රාමායණය ප්‍රති නිර්මාණය කර පසුගිය වසරේ වේදිකා ගත කරන ලදී.