ජයලත් මනෝරත්නගේ අධ්‍යක්ෂණයක් වූ අන්දරේලා වේදිකා නාට්‍යය මෙම වසරේදි සිය විසිපස් වැනි ජන්ම දිනය සමරයි.
ඒ වෙනුවෙන් සංවිධාන කරන ලද විශේෂ දැක්මක් අද (30) රාත්‍රී 7.00 කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
අන්දරේ ප්‍රධාන චරිතයට ජයලත් මනෝරත්න පණ පොවන අතර රත්නා ලාලනී, සම්පත් තෙන්නකෝන්, නිමල් ජයසිංහ, සුසිල් වික්‍රමසිංහ, අජිත් ලොකුගේ, සරත් චන්ද්‍රසිරි, ඉෂාර වික්‍රමසිංහ, නිල්මිණී කෝට්ටේගොඩ, ජගත් බෙනරගම ඇතුළු පිරිසක් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති.
රෝහණ බැද්දගේ සූරීන්ගේ ජන සංගීතයෙන් ද විද්‍යාරත්න ප්‍රනාන්දු සූරීන්ගේ ජන නර්තනයෙන් ද මෙම වේදිකා නාටකය වර්ණවත් වේ.