“මීට දින කීහිපයකට පෙර මා ප්‍රධාන රංගන භූමිකාවක් නිරූපනය කල, දේවින්ද කෝන්ගහගේ මහතා විසින් රචනාකර අධ්‍යක්ෂනය කල " ගිරිවැසිපුර" සිනමා කෘතියේ මාධ්‍ය සමුළුවේදී මා දැක්වූ අදහස් සමූහයක් මේ වනවිට මුහුනුපොතේ මෙන්ම අන්තර්ජාලයේ බෙහෙවින් සංසරණය වේ.
එහිදී මාවිසින් සරලව ඉදිරිපත් කල කාරුනු කාරණා සරලව තෙරුම් ගත නොහැකිව, මාව රංගනයට ගෙනා වේ යයි පවසන හඳගම මහතා , කරුනු කාරනා අවිඥානිකව පටලවාගෙන , නිරපරාදේ උරණ වී, නොසෑහෙන මට
අවලාද ස්වරූපයෙන් පෝස්ටුවක් පලකර ඇත. ඔහු එහිදී "සිංහලයාගේ අවිඥානය " කිතිකැවීමක් ගැන සඳහන් කර ඇත. මාගේ එම ප්‍රකාශය ඔහු හරි හැටි අවබෝධ කරගත්තේ නම් "සිංහල" ජන කුළකයේ පමනක් නොව දමිළ සමාජයේ විඥ්ඥානයට මා ආමන්ත්‍රණය කල බව ඔහුට වැටහෙනු ඇත. අවිඥානිකව මෙය දැක ඇත්තේ සිංහල හෝ දමිළ සමස්ත ජන සමාජය නොව ,සිංහල යා අවිඥානික යැයි සිතාගෙන සිනමාවේ යෙදෙන හඳගම මහතා බව ඔහුටම පසක් වනු ඇත.
එහෙත් අවාසනාවට ඇත්ත කතාව නම්, මා කියූ දෙය ඔහුට හා ඔහුගේ කල්ලිවාදී රැඩිකල් සහචර පිරිසට සරළව නොතේරීමය.
එනිසා ඔහු කියූ පරිද්දෙන් මාගේ කතාවෙන් කිතිකැවී ඇත්තේ සිංහල අවිඥානික සමාජයද , එසේත් නැතිනම් ඇත්ත ඇති සැටියෙන් කියන විට ඇවිස්සී ඇත්තේ අවිඥානික ඔවුන්ද යන්න , ඔහුම සිතා බැලීම මනාය.
මාව සිනමාවට හැදුන්වා දුන් අධ්යක්ෂ වරයා ලෙස හඳගම මහතාට මා ගරු කලද, ඔහුගේ පෝස්ටුවේ ඇති යම් යම් හාස්‍යජනක හා අවිඥානික කතා කිහිපයක් ගැන ඇත්ත කියන්නට නැවතත් මාව පෙළඹවූයේ ඔහුමය.
හඳගම මහතා මාව සිනමාවට හඳුන්වා දුන් බව සැබෑය. එපමනින් , ඔවුන්ගේ ඇජෙන්ඩාවන්ට මතයන්ට සදාකාලිකව නතුවිය යුතුද ? ඊට වෙන්ස් ව ගොස් ස්වාධීන මතයක් දැක්වූ පමනින් මෙසේ උරණ වීම තුල ඔහු විදහා දක්වන්නේ අවිඥානික බවම නොවේද? එනිසාම මා එම ප්‍රකාශයේ දක්වන කරුනු සහ හඳගම මහතා පටලවා ගත් තරම කෙමෙන් මා ගෙනහැර දක්වන්නම්.
මා කියනා කරුනු ගැන ඔහු කතාකරනවාට වඩා , අදාල මාතෘකාවට පිටින් විවිධ අමතර ආරුලු බූරුලු කරුනු ගෙනහැර පාමින් අපහාස මුඛයෙන් කරුනු සාදාරනීකරනය කර කෝපය සංඥමයෙන් පිට කර ඇත.
මා බිසවට ඇන්දේ නිර්මානයක චරිතයට විනා පෞද්ගලික ආකල්පයෙන් හෝ හැඟීමෙන් නොවන බව මාගේ ප්‍රකාශය තුලම ඇතිබව ඔහුට වැටහී නැති හැඩකි.
ඔහු මා රංගනයෙන් දායක වූ නිර්මාන සැමගේම නම් සහ ඒ නිර්මානකරුවන් ගේ නම්ද සඳහන් කල අතර මෙම ප්‍රකාශය සිදුකල මාධ්‍ය සමුලුවට අදාල නිර්මානයේ නම හෝ එහි නිර්මානකරුගේ නම ලිවීමට ඔහුට අමතක වූ හැඩකි. එහිදී මා කියූ දේවල් සියල්ල ඔහුට අදාලය එහෙත් එම ප්‍රකාශය කල නිර්මානය අමතක වූවාද ? අමතක කලාද? දන්නේ ඔහුමය. ඒවාටද ඔහුට හේතු තිබිය හැක.
මාව ඉනියවන් චිත්‍රපටයට තෝරාගැනීම ගැන මා ඔහුට කෘතවේදීව ස්තූතිය පිරිනමමි. එහෙත් මා ඔහුගේ මතවාදී ආකල්පමය වහලෙකු හෝ සේවකයෙකු නොවන බව කාරුනිකව මතක්කර දිය යුතුමය.
ඔහු මාව ඉනියවන් සඳහා තෝරාගත්තේ , මාගේ ඇස්වල හිසකෙස් වල සහ ඇගේ වර්ණය නිසාත් , එහි කර්කශක පෙනුම සහ තිදරු මවකගේ පෙනුමට මාව සරිලන නිසාත් බව ඔහු එහි සඳන් කර ඇත. ඔහු එම පෝස්තුවේ පලකර ඇති ඉනියවන් හී මාගේ පින්තූරය , චිත්‍රපටයට අදාල පෙනුමට එතරම්ම සාර්ථකව සාදා ඇත්තේ අංගරචනාවෙන් නාරද තොටගමුව මහතා බව , හඳගම මහතාට අමතකව ඇත. ඔහු පින්තූරයේ දක්වා ඇති පරිදි මාගේ පෙනුම දුටු පමනින් එපමනකින් ඒ චරිතයට ගැලපුනේ නම් , අපරාදේ නාරදගේ දායකත්වයක් තිබිලාම නැත.
අනික ඔහු කියනා පරිදි මාව තෝරාගෙන ඇත්තේ මාගේ පෙනුම නිසාමය. ඒ හැර මාගේ රංගන කුසලතාව නිසා නොවේ. මාගේ රංගන කුසලතාව ඔහු උකහාගෙන ඇත්තේ දර්ශන තලයේදීය.
හඳගම මහතා දක්ෂ, පරිණත, ප්‍රවීන අධ්යක්ෂවරයෙකි. එය රටම දන්නා කරුනකි.
එහෙත් පෙනුමට රංගන ශිපීන් තේරීම , රංගන කුසලතාව නොමැති අයව එලෙසම දර්ශන තලයට ගෙනගොස් දර්ශන
තලයේදී දස්කම් උකහා ගැනීම , දක්ෂ වෘත්තීය භාවයකින් යුතු පරිණත අධ්යක්ෂවරයෙකුගේ ස්වභාවයක් දැයි
සිතිය යුතුය.
මා දන්නා පරිදි කාස්ටින් , එසේත් නැතිනම් චරිත තේරීමේදී පෙනුම මූලික සාදකයක් වන නමුදු, යමෙකුගේ පලමු රංගනයේ වුවද , රංගන කෞශල්යෙ ප්‍රධානතම සාදකයක් ය.
ඉනියවන් සිනමා කෘතියෙන් හඳුන්වා දෙන්නට පෙර මාගේ කලා ජීවිතය ඔහු හරිහැටි නොදන්නවා විය යුතුය .
මට කලාව උගැන්වූයේ. රංගනයට මාව මෙහෙයවූයේ, හුරුකලේ, හඳගම මහතාට මාව හඳුන්වා දුන්නේ කවුදැයි මතක්කර දීම හොඳබව මට සිතේ.
2009 වසරේ මා මහනුවරින් කොළඹට සේන්ඳු වූයේ ගායිකාවක් වීමට ය. ඉන්පසුව එම වසරේ මා ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස සේවය ඇරඹුවා ය. ඉන්පසුව ගුවන්විදුලියේ හඬකැවීමේ ශිල්පිනියක් ලෙස කටයුතු කළාය. එහිදී මාව වේදිකාවට ගෙන වේදිකා නාට්‍ය කලාවට පුහුණු කර මාව වේදිකා රංගන ශිල්පිනියක් කලේ තරංගා ප්‍රියදර්ශනී නම් සිංහල කෙල්ල ය. එය මා ඉනියවන් සඳහා හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ලැබූ විට ඇයව වේදිකාවට ගෙන ප්‍රසිද්දියේ පැවසී ය. එවකට එයටද මේ රැඩිකල් පිරිස උරණ විය. එහෙත් සැබෑව , සැබෑවමය. මාගේ රංගන කුසලතාව හැඩගැස්වූයේ තරංගා අක්කාමය. මා දන්නා පරිදි ඉනියවන් හී හඳගම මහතා සිදුකලේ මා තුල පැවති රංගන කුසලතාව සිනමාවට උචිතලෙස හැඩගැස්වීම ය.
වේදිකා රංගනය සඳහා සිංහල හා දමිළ අංශ දෙකෙන්ම මා දායක වන්නේ ඉනියවන් හී රඟන්නට බොහෝ පෙරය. තරුණසේවා සභාවේ නාට්‍ය උලෙළේ හොඳම නිලියට හිමි සම්මනය මා ලබන්නේ ඉනියවන් රූගතකිරීම අතරතුරය. එතැන් පටන් මා කලාත්මක ගනයේ වේදිකා නාට්‍ය ගනනාවකට දායක වී සම්මන ලබා ඇත. හඳගම මහතා කියනා පරිදි ඒ කිසිදු කුසලතාවයක් ඉනියවන් සඳහා බලපාලාම නැත.
පෙනුමට පමනක් කාස්ටින් කරනා අධ්‍යක්ෂක ක්‍රමවේදයට අනුව ඔහුගේ තර්කය ඔහුට පමනක් සාදාරණ විය හැක.
තමන්ගේ මතවාදයට අනුගත නම් , තම මතවාදී ආකල්පයන්ට වහල් නම් නියම රැඩිකල් අය ලෙස පිලිගෙන කල්ලි ගැසී අමුතු සංස්කෘතියක් අමුතු සිනමාවක් හරහා ලංකාවේ ජනවිඤ්ඤාන තමන්ගේ ක්‍රමයට නතුකර ගෙන තම මතය හරියැයි සපත කරන්නට වෙහෙසෙන පිරිසක් අතර , වෙනස් සාදාරණ හා අපක්ෂපාතී ස්වාධීන මතවාදයක් ආකල්පයක් ඉදිරිපත් කලවිට , එතෙක් තමන්ගේ ඉවුරේ සිටි රැඩිකල්වාදීන් , අවිඤ්ඤානිකයින් බවට ලේබල් කරන ක්‍රමයක් පැවතීම මෙවන් අයගේ සාමාන්‍ය ක්‍රමය බව , ඒ කුළකයට පරිබාහිර බහුතරය දන්නා කරුණකි.
යමෙකු රැඩිකල් වීමේ නිර්නායකයන් තීරනය කරන්නේ ඔහුම බව ඔහුගේ පෝස්ටුවෙන් පෙනේ . ඔහුගේ ආකල්ප රාමුවට ගැනෙන මනෝමූලික කරුනු අනුව යමෙක් රැඩිකල් වන්නෙ නම් , ඒ තැනැත්තා සවිඥ්ඥානික රැඩිකල් අයෙකි. එසේ නැතිනම් යමෙක් නිදහස් මතධාරී ස්වාධීන දැක්මකින් යුතුව අපක්ෂපාති මත ඉදිරිපත් කරයි නම් "හඳගම තියරියට" අනුව " රැඩිකල් යැයි සිතාසිටිනා අයගේ අවිඥානය දුටුවා" වෙයි. ඔහුගේ මතවාදයට වහල් නොවනා අන් සැමගේ අවිඥානික බව ඔහුට පෙනෙන්නට පටන්ගනී.
මා ඉනියවන් හී රංගන ශිල්පිනියක් විනා , එහි රඟපෑ පමණින් සදාකාලිකව එහි නිර්මාණකරුගේ මතයට ආකල්පයට මා එකඟ විය යුතුද? අනුගත විය යුතුද. වහලෙක් විය යුතුද? මා නිහඬ තාක් ඔවුනට මා හොඳය. ඒ රැල්ලට පිටින් ගිය විට , ඔහුගේ නිර්වචනයට අනුව ලංකාවේ සමස්ත ජනවිඥ්ඥානය මා කිතිකවනා කෙනා බවට ඔවුන්ම ලේබල් කරයි. එසේ කියන්නෙ ඔහුම මිසක් , පොදු සමාජය නොවේ.
මා කිසි අකටයුත්තක් ප්‍රකාශ කර නැත. යුද්ධ වාතාවරනය තුල පීඩිත වූ සමස්ත දමිළ ජනයාගේ වේදනාව , එය වින්ඳ අයෙක් ලෙස , සිනමාකරුවෙකුට වඩා මා ප්‍රායෝගිකව හොඳින් දනී. මා යමක් කීවේ, සමස්ත සිංහල දමිළ පොදු ජනතාව අරඹයා මිස , පෞද්ගලික මතවාදයක් ඔප්පු කිරීමට නොවේ. මා සරලව පවසන්නේ අප දමිළ ජනසමාජය හෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් ජන සමූහයක් ලෙස එකම මොඩලයක් තුල පමනක් සදා සිරවිය යුතු නොවන බවය. නිර්මාන කරුවන් වෙනත් මානයන්ගේ නිර්මානද කල යුතු බවය. මතබේදාත්මක , අසම්මත හෝ කටුක චරිතවලට පමනක් දමිල අය සිර නොවිය යුතු බවය. මා දමිළ සමාජයට කීවේ විදේශ නිර්මාණ අගයනවාට වඩා අපේකමට ගරුකරන ලෙසය. හඳගම මහතා කියනා පරිදි යුධ වාතාවරනයේ ත්ත්වයන් සිනමාකරනයට නැගීමේ වරදක් නැත. එය ලොව පුරා සිදු වෙයි. එහෙත් නිර්මානකරුවන් ලෙස එකම රාමුවක සිරවී එකම දෙයක් මාකට්කරමින් පමනක් සිටිනවාට වඩා දමිල සමාජය තුල බොහෝ සේ වෙනස් වූ , විවිධ මාතෘකා හා විශයන් පවතින බවත් ඒවා නිර්මානය කරන්නේ නම් මැනවියි යන්නත් එහිදී මා දැක්වීය.
මෙවැනි සරළ කාරණා කිහිපයක් මා ඉදිරිපත් කර ඇත. ඒවා අපක්ෂපාතීය ස්වාධීනය. එහෙත් පාට කන්නාඩි දමාගෙන ඒකමිතික විකෘති ආකල්පයකින් බලන යමෙකුට එම ප්‍රකාශ ඇලජික් විය හැක.
මා හඳගම මහතාට හෝ ඔහුගේ මතවාදී සිනමාකරනයට දොස්නගා ද නැත. එම කුලකයේ අන් අයට ද දොස් නගා නැත. එහෙත් මේ රට විවේචනයන්ට විවෘතය නිදහස් රටකි. මා කලේ එ නිදහස තුල ස්වාධින මතයක් එසේත් නැතිනම් අදසක් දැක්වීම පමනි. පිලිගන්නෝ එය පිලිගනිත්වා .. නොපිලිගන්නෝ නොපිලිගනිත්වා.
මා දක්වා ඇත්තේ ඔවුන් විසින් සැමවිට එක් පැත්තක් විතරක් පෙන්වනා දෙන කාසියේ අනික් පැත්ත පමනි. ඒ අනික් පැත්ත පෙන්වා දෙනවාට ඒ මතවාදී කුලකයේ ගැත්තන් කොහොමත් අකමැතිය. මන්ද ඔවුන්ගේ යැපීම ඇත්තේ එතැනය.
ඔහු ලියා ඇති පරිදි , මේ දේශපාලන සමාජ ක්‍රමය සහ වර්තමානයේ අප ක්ෂේත්රයේ පවතින ස්වභාවය අනුව , සාමන්‍ය ක්‍රමවේදයට අනුව මේ ක්ෂෙත්රය තුලින්ම සාධාරණ ලෙස කුසලතාවයෙන් යැපෙන සැමගේ වෘත්තීයභාවයේ අනාරක්ෂිත බවක් තිබීම පොදු සාදාධාරණ කරුණකි. එහෙත් විවිධ ඇජෙන්ඩාවන්ට අනුව කලාව විකිනෙන විකුනන ක්‍රමවේදයක් තුල ඇතමුන්ගේ වෘත්තීයභාවයේ ආරක්ෂාව සැලසෙන බව අද බහුතරයක් දනී. එසේ කලාවේ සිනමාවේ අදෘශ්‍යමාන ( එහෙත් ජනතව හොඳින් දන්නා) ක්‍රමවේද තුලින් වෘත්තීයභාවයේ ආරක්ෂාව සලසා ගන්නා යමෙක් , මා මේ කල ප්‍රකාශය හෝ රැජින ගේ චරිතය නිරූපනය කල පමනින්, මා උත්සාහ කරන්නේ වෘත්තීමය ආරක්ෂාව බලාපොරොත්තුවෙන් බව කීමම බොළඳය. මන්ද මාගේ ප්‍රකාශය තුල සැබෑ හරය ඔහුට නොවැටහුනු බැවිනි.
ඔවුන්ගේ මතවාදයට අනුව තැනෙන සිනමා කෘති හෝ කලා නිර්මාන තුලින් , යුද්ධයෙන් පීඩිත සමස්ත සිංහල දමිළ පොදු සමාජයට සිදු වූ යහපත කුමක්දැයි ඔවුන් සමාජයෙන්ම ඇසිය යුතුව ඇත. සමාජයට යහපතක් වනවාට වඩා , සමාජයේ යම් යම් මාතෘකා හා යුද අත්දැකීම මාකට් වීම හෝ මාකට් කිරීම තුල තම තමන්ට යහපතක් නොවුනේද යන්න කන්නාඩියකින් බලා ස්වයං විවේචනයක නිරතවීම මනාය. මා කුමක් කීවත් ඒ කාරනා දැන් දැන් සමාජය නම් පැහැදිලිව දනී.
මේ පොස්ටුවෙන් පසු ඔහුගේ මතවාදී වහලුන් මට තව තවත් ප්‍රහාර එල්ල කරනු ඇත. එය සාමන්‍ය දෙයකි. ඊට කම් නැත . මන්ද සවිඤ්ඤානික සිංහල දමිළ මහජනයා මා කී දෙය හොඳින් වටහාගෙන ඇති නිසාය. එසැමට ස්තූතී.
අවසානයේ මට කියන්නට ඇත්තේ එක් දෙයක් පමනි.
මතවාදයක වහලුන් නොවන්න.....
" මා කී කවිය ඔබට නොතේරේ නම් , එය ඔබේ අවිඥානිකව බව විනා, මාගේ විඥ්ඥානයේ අර්බුධයක් නොවේ. "
යමක් දෙස යහපත්ව දකින්නට විඥ්ඥානයේ නෙත් විවර වේවා.
මට ස්තූති කල ඔබට ස්තූති. හඳගම.”
-නිරංජනී ෂන්මුගරාජා-
සබැඳි පුවත්
https://mirrorarts.lk/news/4054-handagama-niranjani