රසික ආදරය දිනාගත් ගායන ශිල්පී දමිත් අසංක
අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයන් මෙන්ම රසික රසිකාවියන් බොහොමයක් සිය කණගාටුව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සටහන් පළ කර තිබෙනවා.
ක්ෂේත්රයේ ප්‍රවීනයෙක් සේම ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන කීර්ති පැස්කුවල් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණේය.
“හිතවත් දමිත් අසංක මල්ලි.....
ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි. නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා. ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා.
කීර්ති පැස්කුවල්
ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය”
ගායන ශිල්පී චාමර වීරසිංහ සිය හිතවතා ගැන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙසේ සටහනක් තබා තිබුණි,
“උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා..
සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි..”