ගායන ශිල්පියකු, ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනාදරයට පත් රොනී ලීච් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී අභාවප්‍රාප්ත වී ඇති බව ගායක ගායිකා සංගමයේ සභාපති කිර්ති පැස්කුවල් ප්‍රකාශ කර තිබේ.
මියයන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවිය.
“ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද (1)උදැසන අභාවප්‍රාප්ත විය. එතුමා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුනතිලක මහත්මිය සමඟ සහභාගී වි අද සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටියා.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුමි දෙමු.
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ බලවත් ශෝකය මෙයින් පලකරමු.
කීර්ති පැස්කුවල්”