උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ටවර් හෝල් පදනම සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව වාර්ෂිකව සංවිධාන කරන සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයට සමගාමීව පැවැත්වෙන පළාත් වටයේ තරග විනිශ්චය මේ වන විට අරඹා ඇති බව ටවර්හෝල් රඟහල පදනම පවසයි.
කෙටි නාට්‍ය අංශයෙන් නාට්‍ය 93ක්, දිගු නාට්‍ය අංශයෙන් නාට්‍ය 36ක් සහ නූර්ති නාට්‍ය ජවනිකා අංශයෙන් නාට්‍ය 31ක් වශයෙන් මේ සඳහා සුදුසුකම් ලබා තිබේ.
මේ වන විට ඌව, දකුණ හා බස්නාහිර පළාත්හි තරග විනිශ්චයන් අවසන්ව ඇති බවත් මධ්‍යම හා සබරගමු පළාත්හි තරග විනිශ්චය පසුගිය සැප්තැම්බර් 28දා සිට හෙට (02දා) දක්වා පැවැත්වෙන බවත් එම පදනම සඳහන් කරයි. උතුරු මැද හා නැඟෙනහිර පළාත් තරග විනිශ්චය මේ මස 05 දා සිට 07දා දක්වාත්, වයඹ පළාත් තරග විනිශ්චය මේ මස 12 සිට 14 දක්වාත් පැවැත්වීමට නියමිතය.
ටවර්හෝල් රඟහල පදනමේ මූලිකත්වයෙන් නාට්‍ය හා රංග කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් වූ ප්‍රවීණ සංගීතවේදීන් වන, කලාභූෂණ ලයනල් ගුණතිලක, සාන්ත සෙනරත් යාපා, සම්මානලාභී ප්‍රවීණ අංගරචනා ශිල්පී ජයන්තා රණවක, ප්‍රවීණ නට්යවේදීන් වන ආරියපාල ගමගේ, සමන් සොයිසා, උපනන්ද වැලිකල, ප්‍රදීප් චන්ද්‍රසිරි හා සම්පත් පෙරේරා යන විද්වතුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩල කණ්ඩායම් දෙකක් මේ සඳහා සහභාගි වේ.
හර්ෂනී අර්සකුලරත්න
මව්බිම