16 වැනි "රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සහ චිත්‍ර ප්‍රදර්ශනය 2018" ඊයේ(01) ලෝක ළමා දිනය දා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
ඒ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රධානත්වයෙනි.
ළමුන් විසින් ඉදිරිපත් කළ ස්වකීය නිර්මාණ 125,000කට අධික ප්‍රමාණයක් මූලික වටය සඳහා ලැබී තිබූ අතර ඒ අතරින් අවසාන වටයේ සම්මාන ප්රදානය සඳහා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ නිර්මාණ 115ක් තෝරාගෙන තිබුණි.
එසේම සම්මාන සඳහා පාත්‍ර වූ සිතුවම් එහිදී ප්‍රදර්ශනය සඳහා විවෘත විය.
මේ අවස්ථාව සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඇතුළු පිරිසක් සහභාගි වූහ.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව එක්ව මෙම උළෙල සංවිධාන කරන ලදී.