ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට පාත්‍ර වූ ජූඩ් රත්නම්ගේ DEMONS IN PARADISE චිත්‍රපටය යාපනය සිනමා උළලේ ප්‍රදර්ශනය අත්හිටුවා වාරණය කොට ඇති බවට එහි අධ්යක්ෂවරයා චෝදනා එල්ල කරයි.
‘ප්‍රජාවක්’ යයි පවසනා කණ්ඩායමකගේ පීඩනය මත සංවිධායකවරුන් මෙම සිනමාපටය උළලෙන් ඉවත් කිරීමට තීරණය කොට ඇති නමුත් එකී තීරණය සම්බන්ධයෙන් මේ දක්වා ඔහු වෙත නිල පැහැදිලි කිරීමක් ලැබී නැති බවයි ජූඩ් රත්නම් අවධාරණය කර සිටින්නේ.
මේ හේතුවෙන් මුලික ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කරයි.
2017 වසරේ ප්‍රංශයේ කාන්ස් සිනමා උළල නියෝජනය කළ DEMONS IN PARADISE චිත්‍රපටය Camera d’Or හා Golden eye සම්මාන සඳහා නිර්දේශ විය.
එසේම පසුගිය වසර පුරාවට ලොව පුරා චිත්‍රපට උළෙල ගණනාවකට ඉදිරිපත් වෙමින් සම්මාන කිහිපයක් හිමි කරගෙන ඇත.
චිත්‍රපටය අත්හිටුවීම සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලමින් ජූඩ් රත්නම් විසින් උළලේ අධ්‍යක්ෂකවරියට යොමු කල ලිපියේ ඉංග්‍රීසි පිටපත පහතින්,