අශෝක හඳගම ගේ අලුත්ම සිනමා නිර්මාණය වන අසන්ධිමිත්තා චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම, 23 වෙනි බූසාන් සිනමා උළෙලේදී පැවැත්වෙයි.
ඔක්තෝබර් 3 වෙනිදා සිට 13 වෙනිදා දක්වා දකුණු කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන බූසාන් සිනමා උළෙල ආසියාවේ විශාලතම අන්තර්ජාතික සිනමා උළෙලයි.
විවිධ අංශ වලින් සිනමාපට 300ක් පමණ ප්‍රදර්ශනය කෙරෙන මෙම සිනමා උළෙලේ 'ආසියානු සිනමාවට කවුළුවක්' අංශයේ හොඳම චිත්‍රපට දෙක සඳහා පිරිනැමෙන කිම් ජිසොක් සම්මානය සඳහා අසන්ධිමිත්තා චිත්‍රපටය නිර්දේශ වී ඇත.
කිම් ජිසොක් යනු බූසාන් සිනමා උළෙලේ සමාරම්භක සාමාජිකයෙකු වන අතර, ආසියානු සිනමාවේ වර්ධනය උදෙසා විශාල සේවයක් කල අයෙකු ලෙස බුහුමනට පත්වූවෙකි. ඔහු පසුගිය බූසන් සිනමා උළෙලේදී අභාවප්‍රාප්ත විය.
නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිවු ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු, ප්‍රදීප් රාමවික්‍රම, විදත් වීරකෝන් සහ අහස් දිසානායක රංගන අසන්ධිමිත්තා සමන් වික්‍රමාරච්චි ගේ කෙටි නවකතාව ඇසුරින් නිර්මාණය වුවකි.
අමල් අල්විස් සහාය අධ්යක්ෂනයෙන් ද මංජුල පෙරේරා නිෂ්පාදන කලමනාකරනයෙන්ද එක්වන මෙහි රේඛීය නිෂ්පාදන ය ඉරන්ති අබේසිංහ ගෙනි. චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයෙන් ද, කපිල පූගලආරච්චි ගේ සංගීතයෙන් ද දිනිඳු ජාගොඩ ගේ වර්ණ සංයෝජනයෙන් ද නිසල් ගංගොඩගේ ගේ ශබ්ද සංකලනයෙන් ද නිමැවුණු අසන්ධිමිත්තා සරසවි චිත්‍රපට වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි.
අශෝක හඳගම ෆේස්බුක් පිටුවෙන්
සබැඳි පුවත්
https://mirrorarts.lk/news/3918-asandhimitta-to-busan