2018 බේලි ගිෆර්ඩ් සම්මානයේ අවසන් වටයට නිර්දේශිත කෘති 6 ප්‍රකාශයට පත් කර තිබේ.
ඉංග්‍රීසි බසින් රචනා කරනු ලැබූ විශිෂ්ටතම ප්‍රබන්ධ නොවන කෘතියක් වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමේ.
ඒ අනුව පවුම් 30,000ක වටිනාකමකින් යුත් මුල්‍යමය ත්‍යාගය හිමිකරගැනීම උදෙසා මෙ වසරේ දී ඇමරිකානු ලේඛකයින් සිව් දෙනෙක් සහ බ්‍රිතාන්‍ය ලේඛකයින් දෙදෙනෙක් තේරී පත්වී ඇත.
කෘතීම බුද්ධිය, චීන-රුසියානු සම්බන්ධතා, මිනිසා විසින් සිදු කරන ලද පරිසර විනාශය වැනි විවිධ මාතෘකා පාදක කරගනිමින් රචිත කෘති මෙවර නිර්දේශ නාම අතරට ඇතුලත් වී ඇත.
විශේෂ ජුරි මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ නොවැම්බර් 14 වැනිදා ය.
වත්මන් කටයුතු, දේශපාලනය, විද්‍යාව, ක්‍රීඩා, සංචාර, චරිතාපදාන, කලා ආදී මාතෘකා යටතේ රචිත කෘති බේලි ගිෆර්ඩ් සම්මානය සඳහා සලකා බලනු ලැබේ.
1999 පටන් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරනු ලැබේ.
2018 වසරේ බේලි ගිෆර්ඩ් සම්මානය සඳහා නිර්දේශිත කෘති 6 මෙසේය,
Hannah Fry - Hello World: How to be Human in The Age of The Machine
Ben Macintyre - The Spy and the Traitor
Thomas Page McBee - Amateur: A True Story About What Makes a Man
Stephen R Platt - Imperial Twilight: The Opium War and the End of China's Last Golden Age
Serhii Plokhy - Chernobyl: History of A Tragedy
Carl Zimmer - She Has Her Mother's Laugh: The Powers, Perversions and Potential of Heredity