ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම දින නිමිති කරගනිමින් එතුමාගේ ආලේඛ්‍ය සිතුවමක් විවෘත කිරීම සහ සමරු මුද්දර නිකුත් කිරීමක් ඊයේ (2) දින සිදු විය.
මහත්මා ගාන්ධි ආලේඛ්‍ය චිත්‍රය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ අතින් නිරාවරණය කළ අතර එම සිතුවම ස්ථීර ලෙස එහිම ස්ථාපිත කර තැබීමට අවශ්‍ය කටයුතු සලසන බවට ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.
එසේම මහත්මා ගාන්ධි ජන්ම දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අරලියගහ මන්දිරයේදී පිළිගන්වන ලදී.