චිත්‍රපට කර්මාන්තය සහ කලාකරුවන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රජය පසුබට නොවන බවත්, ක්ෂේත්රයේ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා ගතයුතු ඉදිරි පියවරයන් නොපමාව කි‍්‍රයාවට නංවන බවත් ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ වර්තමානයේ චිත්‍රපට කර්මාන්තය මුහුණ පා සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවකට 03 වැනිදා පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී එක් වෙමිනි.
චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී විශේෂ සාකච්වඡාවට ලක් විය.
චිත්‍රපට ප්‍රදර්ශනයේ දී හා බෙදාහැරීමේ දී අදාළ පනත් නොසලකා හැරීම් සිදුවන බැවින් ගැටලු රැසක් මතුවී ඇති බව මෙහි දී අනාවරණය කෙරුණු අතර ගුණාත්මක චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ දී සහ ප්‍රදර්ශනය කිරීමේ දී රාජ්‍ය සහය අත්‍යවශ්‍ය බව ද සඳහන් කෙරිණි.
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා විසින් පත්කරන ලද කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.
චිත්‍රපට ප්‍රදර්ශන ආදායම බෙදීයාමේ ප්‍රතිශතයේ විෂමතාවයක් පැවතීම, සිනමා ශාලා ඩිජිටල්කරණය සහ නවීකරණය සඳහා ශාලා හිමියන්ගේ මුල්‍ය තත්ත්වය යහපත් නොවීම, සිනමාශාලා වෙත අය විය යුතු මුදල් අදාළ පාර්ශ්වයන් වෙත නිසි පරිදි නොලැබීම, විදේශීය චිත්‍රපට ආනයනය, ප්‍රදර්ශනය සහ බෙදාහැරීම විධිමත් පරිදි සිදු නොවීම සහ දේශීය සිනමාවේ ගුණාත්මක වර්ධනය සඳහා ගතයුතු පියවර මෙන්ම නව බදු ක්‍රමවේදය පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
මතු පරපුර සඳහා සිනමා නිර්මාණ සංරක්ෂණය නොවීමේ ගැටලුව පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ, දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න සහ ධර්මසිරි බණ්ඩාරනායක, සෝමරත්න දිසානායක, රවින්ද්‍ර රන්දෙනිය, ඉනෝකා සත්‍යංගනී ඇතුළු සිනමා අධ්යක්ෂවරුන්, නිෂ්පාදකයන්, ශිල්පි ශිල්පිනියන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය