බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සිය මව් රටට “බම්බල්” නම් ඩේටින් ඇප් එක හඳුන්වාදීම සඳහා ආයෝජනය කිරීමේ සුදානමකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව “බම්බල්” මෙම වසර අවසානය වනවිට ඉන්දියාවේ සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිත යි.
එසේම එහි ඉන්දීය එළිදැක්වීම වෙනුවෙන් උපදේශිකාවක් ලෙස කටයුතු කිරීමට ද ඇය සුදානම් බවයි පැවසෙන්නේ.
ප්‍රියංකා සිය ආයතනය සමඟ “හවුල්කරුවෙක්, උපදේශකයෙක් සහ ආයෝජකයෙක්” ලෙස කටයුතු කරනු ඇතැයි බම්බල් පවසයි.
ඉන්දීය කාන්තාවන් වඩාත් සුරක්ෂිත හැඟීමකින් යුතුව ඩේටින් ඇප් එකක් භාවිත කිරීමට සැලැස්වීම සිය අරමුණ බවයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ.