“බාසිලෝනා” නම් යුග ගීතය සමඟින් රසික ආදරය දිනාගත් සුප්‍රකට ඔපෙරා ගායිකා මොන්සේරා කැබලේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය මියයන විට 85 හැවරිදි වියේ පසුවිය.
ෆ්‍රෙඩි මර්කරි සමඟින් මොන්සේරා ගැයූ “බාසිලෝනා” ගීතය 1987 දී නිකුත් කළ අතර එම ගීතය 1992 වසරේ පැවැත්වූ බාසිලෝනා ඔලිම්පික් උළලේ ජනප්‍රියම ගීතය බවට පත්විය.
ඇයගේ ගායන දිවිය වසර 50 ක් තරම් දිගු එකකි.
අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් පසුගිය මසදී මොන්සේරා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔපෙරා ගායිකා මොන්සේරා කැබලේගේ අවමංගල්‍ය උත්සවය 8 සඳුදා බාසිලෝනා හි දී පැවැත්වීමට සැලසුම් කරන බව ස්පාඥ මාධ්‍ය වාර්තා කරයි.