සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම සිනමා නිර්මාණය වන “නිදහසේ පියා ඩී.එස්.” එළඹෙන ඔක්තෝබර් 12 වැනිදා සිට රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
ඒ අනුව සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම එකවර ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලද මෙම සිනමාපටයේ සිංහල පිටපතේ මංගල දර්ශනය කොළඹදීත් දමිළ පිටපතේ මංගල දර්ශනය යාපනයේදීත් එකම දිනයේදී පැවැත්වීමට නියමිත ය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය කර තිබෙන මෙය සිංහල සිනමාවේ ප්‍රථම දේශපාලන චරිතාපදාන චිත්‍රපටය ලෙස සැලකේ.
ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, බුද්ධදාස විතානාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ජනක ප්‍රේමලාල්, සාරංග දිසාසේකර ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් සියයකට අධික පිරිසක් මේ සඳහා රංගන දායකත්වය සපයා ඇත.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගී පද රචනයෙන් විශාරද අමරසිරි පිරිස් සහ සමන්ත පෙරේරා ගායනයෙන් ද “නිදහසේ පියා ඩී.එස්.” නිර්මාණය වී තිබේ.