ලෝක ප්‍රකට සිඩ්නි ඔපෙරා මන්දිරයේ රුවල් මත තුරඟ තරග ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අප්‍රසාදයක් එල්ල වෙමින් තිබේ.
නිව් සවුත් වේල්ස් පාලකයින්ගේ අණ පරිදි වෙළඳ ප්‍රචාරණ කටයුත්ත 9 අඟහරුවාදා සිදු කිරීමට නියමිත ය.
ඔපෙරා නිවසේ නීති වලට පටහැනිව ගත් මෙම තීරණය නිසා ලෝක උරුම කලාගාරය අස්ව රේස් සහ සූදු කර්මාන්තය සඳහා යොදා ගන්නා දැන්වීම් පුවරුවක් බවට පත් වනු ඇතැයි විවේචකයින් මත පල කර තිබේ.
නමුත් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඇතුළු මෙම ක්‍රියාවට පක්ෂපාති අනෙකුත් පිරිස පවසන්නේ එමඟින් රටෙහි ආර්ථිකයට සහ සංචාරක කර්මාන්තයට වාසියක් අත්වනු ඇති බවයි.
ඔපෙරා මන්දිරය ආරක්ෂා කළ යුතු බව සඳහන් කරමින් පසුගිය සිකුරාදා පටන් මේ වනතෙක් පුද්ගලයින් 1,50,000 කට අධික ප්‍රමාණයක් අන්තර්ජාල මාර්ග ඔස්සේ පෙත්සමකට අත්සන් තබා තිබේ.
ඕස්ට්‍රේලියාවේ පිහිටි සිඩ්නි ඔපෙරා නිවස යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙස 2007 දී නම් කෙරුණි.