සිව් වැනි වරටත් සංවිධාන කරන ලද යාපනය අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල පසුගියදා නිමාවට පත්විය.
යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් දින හයක් පුරා පැවැත්වුණු මෙම සම්මාන උළලේදී විශිෂ්ටතම චිත්‍රපට ගණනාවකට සම්මාන හිමිවිය.
ඒ අනුව දුලංක දේවේන්ද්‍ර ගේ “චිල්ඩ්රන් ඔෆ් වයිට්” කෙටි චිත්‍රපටය හොඳම ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපටය උදෙසා පිරිනැමෙන සිලෝන් තියෙටර්ස් සම්මානය දිනාගැනීමට එහිදී සමත්විය.
ජේෂ්ඨ සිනමාවේදීන් උදෙසා පිරිනැමෙන යාවජීව සම්මානය මෙවර පිරිනැමුණේ මෙරට විශිෂ්ටතම සිනමා කැමරා ශිල්පියකු වූ වී.වාමදේවන් හට ය.
එහිදී හිමිවූ අනෙකුත් සම්මාන මෙසේ ය,
ජනප්‍රියම කෙටි චිත්‍රපටය - මති සුතාගේ “වෙඩිමානියමුම් ඉදියාන් තුවක්කුම්” (ප්‍රේක්ෂක මනාප අනුව)
හොදම කුළුඳුල් සිනමාපටය - නූර් ඉම්රාන් මිතූගේ “කෝමල රොකට්” (බංග්ලාදේශ්)
හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය - පූජා ගුරුන් සහ බිබුසාන් බස්නේගේ “දාද්යා- ද වුඩ්පෙකර්ස් ඔෆ් රෝතා” (නේපාලය-ප්‍රංශය)