පාසල් ළමුන්ගේ සීනි භාවිතයේ අහිතකර බලපෑම අවම කිරීමට සහ ඒ පිළිබඳව දැනුවත් කිරීම උදෙසා ‘තිත්ත සීනි’ යන මාතෘකාව යටතේ වීඩියෝ කෙටි චිත්‍රපට තරඟයක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
දියවැඩියාව පිළිබද ව ජනතාව දැනුවත් කිරීම මගින් එය අවම කර ගැනීම සඳහා රටේ අනාගත පරපුරේ නිර්මාණශීලී අදහස්වලින් එහි මූලික පියවර තැබීම මෙම තරගය පැවැත්වීමේ අභිප්‍රාය බව ඊයේ (9) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන පැවසිය.
සියලු ම පාසල්හි මාධ්‍ය සමාජවලට හෝ ශිෂ්‍ය සමාජවලට විවෘත කෙටි චිත්‍රපට තරගයට අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය වන්නේ ඔක්තෝබර් 15 වැනිදා ය.
සීනි භාවිතය අවම කිරීමට උපකාරීවන අයුරින්, විනාඩි 5කට සීමා වනසේ කෙටි චිත්‍රපටය සකස් කළ යුතු අතර එක් පාසලකින් ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයකි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව මෙම තරගාවලිය සංවිධාන කරනු ලැබේ.