තමන් රංගන දායකත්වය සැපයු නවතම සිනමාපටයෙහි මහලු මිනිසකුගේ චරිතයට පණ පෙවූ බව ඔස්කාර් සම්මානලාභී ටිල්ඩා ස්වින්ටන් හෙළි කර තිබේ.
1977 දී නිෂ්පාදනය කරන ලද ත්‍රාසජනක සහ අද්භූත ගණයේ චිත්‍රපටයක් වන “සස්පිරීයා” හි ප්‍රති නිර්මාණයක් සඳහා ඇය මෙසේ වෙස් ගන්වා තිබුණි.
ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ටිල්ඩා පවසා ඇත්තේ ඇය 82 හැවිරිදි ජෝසෙෆ් ක්ලෙම්පෙරේ නම් මනෝවෛද්‍යවරයකුගේ චරිතය ද නිරූපණය කළ බවයි.
ඒ අනුව ඇය “සස්පිරීයා” හි ද්විත්ව චරිත නිරූපණය කර ඇත. ඒ ඇකඩමි කලා අධ්‍යක්ෂකවරියක් වන මදාම් බ්ලොන්ක් සහ මනෝවෛද්‍යවරයකු වන ජෝසෙෆ් ක්ලෙම්පෙරේ ලෙසිනි.
“සස්පිරීයා” ලූකා ගුවාදනිනෝ අධ්‍යක්ෂණය කළ අතර ඩැකෝටා ජොන්සන්, මියා ගොත් ඇතුළු ප්‍රකට රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් ඒ සඳහා රංගන දායකත්වය සපයා ඇත.
පසුගිය සැප්තැම්බරයේ පැවති 75 වැනි වැනිස් අන්තර්ජාතික සිනමා උළලේදී මෙම සිනමාපටයේ පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය සිදු කෙරුණි.
අවාරා