අසාහය රංගන ශිල්පිනි රුක්මණී දේවියගේ 40 වන ගුණ සමරු උත්සවය ඔක්තෝබර් 29 වැනිදා පෙවවරු 10 ට මීගමුව රුක්මණී දේවි රඟහලේ දී පැවැත්වීමට නියමිත ය.
මෙම ගුණානුස්මරණ උත්සවය සඳහා මීගමුව ප්‍රදේශයේ පාසල් දරු දැරියන් 400 ක් පමණ සහභාගී වන අතර, එදින මුඛ්‍ය දේශනය ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ (නාට්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන්) සමන් සොයිසා විසින් පවත්වනු ලබන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා, කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් එදින උත්සවය පැවැත්වෙනු ඇතැයි ටවර් හෝල් රඟහල පදනම වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංජනීගේ චරිතයට පණ පොවමින් සිනමාවට ප්‍රවිෂ්ට වූඩේසි ඩැනියෙල්ස් හෙවත් රුක්මණී දේවිය, සිංහල සිනමාවේ අග්‍රගන්‍ය නිළිය ලෙසින් හා ලංකාවේ ගීත කෝකිලාවියනමින් ද හැදින්විය.වේදිකාවෙන් සිය රංගන දිවිය ඇරඹු ඇය රිදී තිරයට පැමිණ චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.
කාන්තාවක් කලාවට සම්බන්ධ වීම අවඥාවෙන් සැලකූ යුගයක බිහි වූ මෙම සුවිශේෂී රංගන ශිල්පිනියගේ කැපවීම, එඩිතරභාවය, ධෛර්යය හා ඈ තුළ පැවති විනය නිසාවෙන් ඉතා කෙටි කලකින් ජනප්‍රසාදයට පාත්‍ර වීමට හැකි විය. කපටි ආරක්ෂකයා, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය සමගින් මිනර්වා නාට්‍ය කලාව ජය කෙහෙළි නැංවීමට සමත් වූයේ ද රුක්මණීදේවියගේ සම්ප්රාප්තියත් සමඟය.
එච්.ඩබ්. රූපසිංහ මාස්ටර් සමඟ ‘සිරි බුද්ධගයා විහාරේ‘ ගීතය ගායනා කරමින්, ග්රැමෆෝන් ගීත ගායනයට මෙන්ම නූර්ති ගීත ගායනයට ද තමා තුළ සහජ හැකියාවක් තිබූ බව පිළිබිඹු කළ මෙම ප්‍රතිභාපූර්ණ කලාකාරිණිය දැයෙන් සමුගත්තේ 1978 සැප්තැම්බර් මස 28 වැනි දින ය.