“2018 - සාහිත්‍ය කලා ප්‍රසාදිනී” මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය අද දින එනම් ඔක්තෝබර් 17 පෙරවරු 8.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ආචාර්ය දේව මයිකල් ද සිල්වා විසින් ‘සාහිත්‍ය විඳීම විනිවිඳීම’ යන මැයෙන් පවත්වනු ලබන ප්‍රධාන සාහිත්‍ය දේශනය, මාතර දිස්ත්‍රික්කයේ ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෘති මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක වෙත පිළිගැන්වීම, සෞන්දර්ය කලා විශ්ව විදයාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහානාම වික්‍රමසිංහ ඇතුළු සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සුභාවිත ගීතයේ රස මිහිර පිළිබඳ රස වින්දනාත්මක වැඩසටහන සහ විවිධ සාහිත්‍ය තරඟ අංශ වලින් ජයග්‍රහණය කරන ලද මාතර දිස්ත්‍රික්කයේ ළමා හා වැඩිහිටි තරඟකරුවන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම මෙහි දී සිදු කෙරේ.
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මාතර දිස්ත්‍රික්කයේ ලේඛක ලේඛිකාවන්, සාහිත්‍ය තරග වලින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයින් හා පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම සාහිත්‍ය කලා මහෝත්සවය සඳහා සහභාගි වීමට නියමිත ය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙම උළෙල සංවිධානය කරයි.