ටෙලිනිස කලාකරු නාමාවලිය නව මුහුණුවරකින්
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් සම්පාදනය කරන ටෙලිනිස නාමාවලියේ නව පිටපත වඩා වෙනස්කම් සහිතව ගෙන එන බව එහි වත්මන් සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන දන්වා සිටියි.
ඒ අනුව මෙහි නව මුද්‍රණයෙහි කලාකරුවන්ගේ නමට ඉදිරියෙන් ඔවුනගේ ඡායාරූපයක්ද ඇතුළත්වනු ඇත. මේ සඳහා ටෙලිනිස නාමාවලිය සඳහා කලාකරුවන්ගේ සේයාරුවක් එවන හැටියට සභාපතිවරයා දන්වා සිටියි.
ඒ සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය. තැපැල් මඟින් නම් සභාපති, ටෙලිනිස නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, අංක 47/B, කොළඹ පාර, පිළියන්දල යන ලිපිනයට එවීමට පුළුවන.
මෙරට සියලු කලාකරුවන්ගේ නාමයන් සහ දුරකථන අංක අන්තර්ගතවන ටෙලිනිස නාමාවලිය වසරක් පාසා මුද්‍රණය කරනු ලබයි.
සරසවිය