සෝමෙගේ “සුනාමි” හැදෙන හැටි
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය වන “සුනාමි” නිර්මාණය කරන්නටත් පෙර සිටම කලා ලෝකය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුණා.
ඒ විශේෂයෙන්ම දමිල තිර රචකයෙක් වන නඩරාජා මනිවානන් නම් තැනැත්තෙක් විසින් ලියන ලද තිර පිටපතක් ඔහුගේ අනුදැනුමකින් තොරව යොදා ගනිමින් සෝමරත්න දිසානායක මෙම චිත්රපටය තනනවා යැයි චෝදනා එල්ල කිරීමත් සමඟින්.
කෙසේ වෙතත් “සුනාමි” අධ්යක්ෂවරයා මෙම චෝදනා තරයේ ප්රතික්ෂේප කරනු ලැබුවා.
නවීන තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කෙරෙන මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතිනවා.
දෙස් විදෙස් අනුග්රහය හිමිවන “සුනාමි” සඳහා ලක්ෂ දහසකට අධික මුදලක් වැය වන බව එහි නිෂ්පාදිකා රේණුකා බාලසුරිය මින් පෙර ප්රකාශ කර තිබුණා.
අපි ඔබ වෙත ගෙන ඒමට සුදානම් වන්නේ සුනාමි නිර්මාණය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්.