දෙරණ නාලිකාවේ විකාශය වූ අතීශය ජනාදරයට පත් “මා නොවන මම” සංගීත වැඩසටහන පසුගිය සිකුරාදා (19 වැනිදා) සිය අවසන් වැඩසටහන ලෙස සනිටුහන් කළේය.
විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන ජනප්රිය ශිල්පියෙක් තම ප්රියතම ගීත දහයක් ගායනා කරමින් රසික සිත් සනහාලූ මා නොවන මම පුරා වසර 3 ක් සතිපතා විකාශය විය.
මා නොවන මම අවසානය සනිටුහන් කරමින් එම වැඩසටහනට සහභාගි වූ ජනප්රිය ශිල්පීන් රැසක් සම්බන්ධ කර ගිනිමින් දැවැන්ත ප්රසංගයක් පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
“මා නොවන මම” සාර්ථකත්වයට ප්රවීණ නිවේදක කැළුම් ශ්රීමාල්ගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම අතීශයින් ඉවහල් වූ අතර අප මීට පෙර අසා තිබූ ගීත එහි රස නොනැසෙන ලෙස අලුත් ශෛලියක් එක් කරමින් තව තවත් රසවත්ව සංගීතය සැපයූ “තාල” සංගීත කණ්ඩායමද කාගේත් ආදරයට පත්වූ බව රහසක් නොවේ.
2015-10-02 වැනිදා “මා නොවන මම” පළමුවැනි වැඩසටහනට සහභාගී වී ඇත්තේ රාජු බණ්ඩාරයි. එම වැඩසටහන ඉදිරිපත් කළේ එකල දෙරණ TV නාලිකාවේ නිවේදිකාවක වූ යුවනි පෙරේරා.
මුල් වැඩසටහන් 05 ක් පමණ අද ඉදිරිපත් කළ අතර 06 වැනි වැඩසටහනේ සිට අවසානය තෙක් එය ඉදිරිපත් කළේ කැලුම් ශ්රීමාල්. මෙම වසර 03 පුරා මා නොවන මම රූපවාහිනී විකාශන වැඩසටහන් 107 ක් වූ අතර, පැවැත්වූ ගෘහස්ත ප්රසංග 03 ද ඇතුළුව මුළු වැඩසටහන් ගණන 110 කි.
මා නොවන මම සංගීතමය වැඩසටහන ජනප්රියත්වයේ ගිණි පෙත්තෙහි සිටියද අවසන් කරේ නව මුහුණුවරකින්ද යන්න දැනගැනීමට Mirror Arts අපි “කැළුම් ශ්රීමාල්” අප හා සම්බන්ධ කර ගත්තා.
“තවම එහෙම තීරණයක් නම් නැහැ. කොහොම වුණත් මා නොවන මම ගැන රසිකයන් වගේම සංගීත ක්ෂේත්රයේ දැවැන්තයින් පවා පැසසුම් මුඛයෙන් කතා කළා. නන්දා මාලනී මහත්මිය, අමරදේව මාස්ටර්, විමලා මැඩම් පවා මේ වැඩසටහන රසවිඳිනවා කියලා දැනුනේ සමහර වෙලාවට “ කැළුම් අර ළමයා ෂෝක් එකට අහවල් ගීතය ගායනා කළානේ’කියලා නම් ගම් සහිතව කියද්දී”.
කැළුම් ශ්රීමාල් “මා නොවන මම” ඉදිරිපත් කළ ආකර්ශණීය මුහුනුවර එහි ජනප්රියත්වයට ඉවහල් වූවා සේම ඔහු පිළිබඳ විශ්වාසය තබමින් ප්රවීණ ශිල්පීන් එම වැඩසටහනට සහභාගි වූ බවත්, එම ශිල්පීන් තම හිතවතුන් සමග පවසා තිබුන අවස්ථාද නොතිබුණා නොවේ.
මා නොවන මම අවසන් වැඩසටහන සඳහා ගායනයෙන් දායක වූයේ ජනප්රිය ගායන ශිල්පී කසුන් කල්හාරයි.