රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2018 සම්මාන ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා
23 වැනි රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්රදානෝත්සවය පසුගිය 19 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි.
ඒ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
සැප්තැම්බර් 20 වැනිදා සිට 30 වැනිදා දක්වා මරදාන ටවර් රඟහලේදී පැවැත්වුණු රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා එහිදී සම්මාන පිරිනැමුණි.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩල හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙම උළෙල සංවිධාන කරනු ලැබීය.
ජායාරූප - අකිල ජයවර්ධන (071 7530321)
https://mirrorarts.lk/news/4196-children-drama-fest-18-special-moments#sigProId99993fbb8f