ප්රවීන හින්දි සංගීතවේදියෙක් වගේම ගායකයෙක් වන අනූ මලික්ට ගායිකාවන් හතර දෙනෙක් චෝදනා කරන්නේ ඔවුන් හතරදෙනාටම විවිධ අවස්ථාවන්වලදී ලිංගික අතවරයන්ට ලක් කළ බවට.
සෝනා මෝහාපාත්ර සහ ශ්වේතා පන්ඩිත් යන ගායිකාවන් දෙදෙනා පසුගිය දා ප්රසිද්ධියේම මේ බව සඳහන් කළ නිසාම අනූ මලික්ව Indian Idol රියැලිටි වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයෙන් පවා ඉවත්කර තිබෙනවා.
ශ්වේතා පන්ඩිත් ඇගේ ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ, ඇය 15 හැවිරිදි වියෙහි පසුවෙද්දී අනූ මලික් ඇයට ගායිකාවක් වන්නට අවස්ථාව ලබාදීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් සිපගන්නට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත්ය.
සෝනා මෝහාපාත්ර යොවුන් ගායිකාව සඳහන් කරන්නේ, අනූ මලික් Indian Idol විනිශ්චය මණ්ඩලයේ සිටියදී ඇයට අවේලාවේ දුරකථන ඇමතුම් ලබා දී නුසුදුසු යෝජනා ගෙන ආ බවය.
අනුමලික්ට එරෙහිව ප්රථමයෙන් හඬ අවදි කළේ සෝනාය. නම් සඳහන් නොකරන ගායිකාවන් දෙදෙනෙකුද අනූමලික්ට එරෙහිව චෝදනා නගන්නේ ඔවුන් දෙදෙනාම ශාරීරිකව යම් අතවරයන්ට ලක් වූ බව පවසමින්.