රැප් ගායක යන්ග් ග්රේට්නස් වෙඩි ප්‍රහාරයකින් මරුට
ඇමරිකා එක්සත් ජනපද රැප් ගායක “යන්ග් ග්රේට්නස්” ඔහු ජන්මය ලැබූ නිව් ඔර්ලියන්ස් ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 34 කි.
තියෙඩොර් ජෝන්ස් මෙම ගායකයාගේ සැබෑ නාමය යි.
2015 දී නිර්මාණය කරන ලද “මූලා” ගීතයෙන් යන්ග් ග්රේට්නස් රසිකයින් අතර නමක් දිනා ගත් අතර එම ගීතය යූ ටියුබ් ඔස්සේ මිලියන 30 කට අධික පිරිසක් නරඹා තිබුණි.
ආහාර අලෙවි සැලක් ඉදිරිපිට සිටියදී 29 සඳුදා අලුයම ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.