ද ග්රින්ච් ළඟදීම එළියට
නොවැම්බර් 9 වැනි දින තිරගත වන නවතම අමෙරිකානු ත්රිමාන පරිගණක සජීවීකරණ ප්රහසනය ද ග්රින්ච්ය.
1957 දී නිර්මාණය වුණු ඩොක්ටර් සොයිස් කතා මාලාවේ හව් ද ග්රින්ච් ස්ටෝල් ක්රිස්මස් ඇසුරෙන් මෙ සිනමා පටය නිර්මාණය වී තිබේ.
ග්රින්ච් යනු මිනිසකු නොවුණද මිනිසකු හා සමාන සජීවීකරණ චරිතයකි. මැක්ස් ග්රින්ච්ගේ සුවච කීකරු සුනඛයාය.
අසල් ගෙදර ඝෝෂාකාරීව අති උත්කර්ෂවත් ලෙසින් සැමරීමට සූදානම් වෙන නත්තලට ග්රින්ච් මනාපයක් දක්වන්නේ නැත. එහෙත් ග්රින්ච් උත්සවය කඩාකප්පල් නොකර සාමකාමී විසඳුමක් රැගෙන එන අන්දම රසවත්ය.
ග්රින්ච් තිර නිර්මාණයක් වන්නේ තෙවැනි වරටය. මින් පෙර 1966දී රූපවාහිනී නිර්මාණයක් ලෙසද 2000දී අමෙරිකානු සජීවීකරණ සිනමා ප්රහසනයක් ලෙසින්ද මෙය නිර්මාණය විය.
චම්පිකා දීපානි රණසිංහ