චීන සාහිත්‍යයේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනියි
ජින් යොන් යන අන්වර්ථ නාමයෙන් ග්‍රන්ථකරණයේ නියැලුණු ප්‍රකට චීන ගත්කතුවර ලුවි චා අභාවප්‍රාප්ත වී තිබේ.
හොංකොං හි පිහිටි රෝහලකදී 30 අඟහරුවාදා මියයන විට ඔහු 94 හැවිරිදි වියේ පසුවිය.
ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, හොබිට් වැනි ලෝක ප්‍රකට ෆැන්ටසි කතා රචක JRR ටෝකින් ට සමාන කරමින් චීන සාහිත්‍යයේ ටෝකින් ලෙස ජින් යොන් හැඳින්වූ අතර සටන් කලා නවකතාවල මුත්තනුවන් ලෙසින් ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිලිය.
ආසියාවේ චීන භාෂක සමාජය තුළ ජින් යොන් නාමය නොදත් පුද්ගලයෙක් නොමැති වූ නමුත් ඉන් පිටත ලෝකයේ කිහිප දෙනෙකු පමණක් ඔහු පිළිබඳ දැන සිටියහ.
ඔහු ලියූ පොත් මිලියන ගණනක් අලෙවි වී ඇත. එසේම රූපවාහිනී වැඩසටහන්, කොමික් සහ වීඩියෝ ගේම් ගණනාවක් ඔහුගේ කෘති අළලා නිර්මාණය වී තිබේ.
කතුවරුන්, කලාකරුවන් ඇතුළු සමස්ත චීන ජනතාව ජින් යොන් වෙනුවෙන් ගෞරව උපහාර පුද කර ඇත.