“පාංශු” සහ “සුපර්ණා” ඩකා අන්තර්ජාතික සිනමා උළෙලට
මෙරට සිනමා නිර්මාණකරුවන් දෙපළක් වන විසාකේස චන්ද්‍රසේකරම් සහ සුජීව ප්රියාල්ගේ චිත්‍රපට දෙකක් 17 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලට නිළ වශයෙන් තේරී පත් වී තිබේ.
ඒ අනුව විසාකේසගේ “පාංශු” සහ සුජීවගේ “සුපර්ණා” සිනමාපට Cinema of the World කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිත ය. එම කාණ්ඩයෙන් තරග වදින සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 51 කි.
“හොඳ සිනමාපටයක්, හොඳ ප්‍රේක්ෂකාගාරයක් සහ හොඳ සමාජයක්” තේමාව යටතේ සංවිධාන කෙරෙන මෙවර උළෙලට ලොව පුරා රටවල් ගණනාවක සිනමා නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර ඒවා අංශ 8ක් යටතේ තරග වදියි.
ඩකා අන්තර්ජාතික සිනමා උළෙල එළඹෙන ජනවාරි 10 වැනිදා සිට 18 වැනිදා දක්වා බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ය.